ගෑස් මිලෙහි සිදු වන විශාල වෙනසක් ගැන අහන්න ලැබුණු දේ මෙන්න.- ගෑස් රුපියල් අටදාහට?

Ranil Wickremesinghe Litro Gas LAUGFS Gas PLC Litro Gas Price Laugfs Gas Price
By Wayomi Sep 01, 2024 03:54 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මකව බදු ප්‍රතිපත්තිය වෙනස් කළහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාවේ ණය හිමි රටවල් සහ ආයතන අතර වන ගිවිසුම උල්ලංඝනය වන බව ජනාධිපති රනිල් වික‍්‍රසසිංහ පවසනවා.

එසේ වුවහොත් එම ගිවිසුම කඩා වැටී රට නැවතත් 2022 තිබූ තත්ත්වයට පත්වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම 2022 වසරට පැවතියාටත් වඩා ඉහළ මිලකට භාණ්ඩ මිල ඉහළ යනු ඇති බවත් ගෑස් සිලින්ඩරයක් රුපියල් අටදහසක දක්වා වුවද මිලකට ඉහළ යා හැකි බවද ජනපති වැඩිදුරටත් අවධාරණය කරනවා.

මඟ බලන් හිටපු විදිහටම ඉන්ධන මිල අඩු කරයි. - ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.

මඟ බලන් හිටපු විදිහටම ඉන්ධන මිල අඩු කරයි. - ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.


ඔහු මේ බව කියා සිටියේ,බණ්ඩාරෙවල නගරයේදී සංවිධනය කර තිබූ ජනරැළියක් අමතමින්.

"මා රට බාරගත් යුගයට වඩා අද වන විට බඩු මිල සැලකිය යුතු ගණනකින් අඩු වී තිබෙනවා.

අපි ගත් පියවර නිසා ජීවන බර පාලනය කර ආදායම වැඩි කරන්නට හැකි වී තිබෙනවා. එමෙන්ම අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම සහනය ලබා දුන්නා. අප මාස හයෙන් හයට අලුතින් අස්වැසුම ලබා දෙනවා.

සැප්තැම්බර් 22 වැනිදා සිට මගේ සැලසුම ක්‍රියාත්මක කරනවා.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.


අද වන විට 2022 ට වඩා ජීවන බර අඩු වුණත් එයින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. තවදුරටත් ජීවන වියදම මෙන්ම බඩු මිල අඩු කළ යුතුයි.

හැකි තරම් සහන දීම මගේ අරමුණයි. බඩු මිල අඩු කරන බව අනෙක් පක්ෂත් කියා තියනවා. මම එය කරන්නේ රුපියල ශක්තිමත් කිරීමෙන්.

එදා මා රට බාර ගන්නා විට ඩොලරයට 370 ක් ගෙව්වා .අද වන විට ඩොලරයට ගෙවිය යුත්තේ රුපියල් 300ක් පමණයි . සමෘද්ධිය අස්වැසුමට සම්බන්ධ කිරීම අපේ අරමුණ වී තිබෙනවා.ඒ නිසා සමෘද්ධි නිලධාරීන්ටත් ප්‍රශ්නයක් නැතුව මේ වැඩ කටයුත්තේ ඉදිරියට යන්න පුළුවන්. ඔවුන්ගේ අනාගතය අප ආරක්ෂිත කරනවා.

රුපියල ශක්තිමත් කරන්න නම් ආර්ථිකය ශක්තිමත් කර යුතුයි.

වෙනස් වූ ජනාධිපතිවරණය 2024 -ඡන්දය ප්‍රකාශ කිරීමේ නිවැරදි පිළිවෙල මෙන්න. - තේරෙන විදිහට සරල පැහැදිලි කරයි.- (PHOTO)

වෙනස් වූ ජනාධිපතිවරණය 2024 -ඡන්දය ප්‍රකාශ කිරීමේ නිවැරදි පිළිවෙල මෙන්න. - තේරෙන විදිහට සරල පැහැදිලි කරයි.- (PHOTO)


අනුර සජිත් බදු අඩු කරන බව කියනවා.බදු අඩුකර සහන දෙන්නේ කොහොමද? යම්කිසි ඉලක්කයකට මේ රටේ ආදායම් එකතු කළ යුතුව තිබෙනවා.

වතුකරයේ ජනතාවට පඩි වැඩි කිරීමට අපට හැකි වුණා. ඔවුන් සඳහා අප අස්වැසුමද අප ලබා ලබා දෙනවා. වෙන එක අපේක්ෂකයක්වත් රැකියා දෙන හැටි කියා නැහැ. අප රැකියා ලක්ෂයක් උත්පාදනය කරන්නට කටයුතු කරනවා.රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ද ස්වයං රැකියා අවස්ථාද අප බිහිකරනවා.නවීන කෘෂිකර්මය සඳහා අප පහසුකම් ලබා දෙනවා."