ගෑස් මිල සංශෝධනය ගැන සුබ ආරංචිය උදෙන්ම..දැනෙන මිල ගණනකින් මෙවරත් අඩු වෙයි?...

Litro Gas LAUGFS Gas PLC Litro Gas Price Laugfs Gas Price
By Aruna Jul 02, 2024 02:43 AM GMT
Aruna

Aruna

Report

ගෘහස්ථ LP ගෑස් මිල සංශෝධනයක් අද (02) උදෑසන ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

මේ අනුව ලෝක වෙළඳ පොළේ පසු ගිය දිනවල හැසිරීම අනුව මෙවර සිදුවන ගෑස් මිල සංශෝධනයෙන් මිල අඩු වේ යැයි අනුමාන කළ හැකිය.

තවද මැතිවරණයට තවත් සුළු කාලයක් පවතින බැවින් ගෑස් මිල අඩු විය හැකි බවයි බොහෝ පිරිසකගේ අර්ථකතනය වී ඇත්තේ.

සියල්ලන් පුදුම කරමින් පියුමි පුද්ගලික ගුවන් යානයක් ගැන කියයි..බලන්න පියුමි පළමු වරට හෙළි කළ දේ..

සියල්ලන් පුදුම කරමින් පියුමි පුද්ගලික ගුවන් යානයක් ගැන කියයි..බලන්න පියුමි පළමු වරට හෙළි කළ දේ..


අවසන් වරට පසුගිය ජුනි මස 4 වැනිදා ගෑස් මිල සංශෝධනයක් සිදු කරනු ලැබීය.

එහිදී කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කළ අතර, එහි නව මිල සඳහන් වූයේ රුපියල් 3790ක් ලෙසයි.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු වූ අතර එහි නව මිල රුපියල් 1,522ක් වශයෙන් සටහන් වුණා.

තවද පසුගිය මාසයේ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 712ක් දක්වා පහත දැමූ අතර, එය රුපියල් 28කින් අඩු කරනු ලැබීය.