ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඤාණීස්සර නාහිමි ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද..
By Piyumika
අපවත් වී වදාළ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගලබොඩ ඤාණීස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (05) පස්වරු 4.30ට විහාරස්ථාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.
ගංගාරාම විහාරස්ථානයේ තැන්පත්කර ඇති නාහිමියන්ගේ දේහයට ගෞරව දැක්වීම සඳහා කොළඹ, ගංගාරාම විහාරස්ථානයට පෙරේදා (03) සිට විශාල පිරිසකගේ සහභාගීත්වයක් සිදුවිය.
ඒ අතර මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු සර්ව ආගමික නායකයන් මෙන්ම සර්ව ආගමිකයන් ද සිටි අතර, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහද ඊයේ සවස ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට සහභාගි විය.
ආදාහන පූජෝත්සවය හේතුවෙන් අද සවස 02.00 සිට එම විහාර පරිශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේය.