මේ ප්‍රදේශ වලට අද පැය 10කට වතුර කපයි
නිට්ටඹුව සිට මිනුවනගොඩ දක්වා ඇති සම්ප්‍රේෂණ නළයේ පිරිසිදු කිරීමේ හා විෂබීජහරණය කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් අද (11) දින ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක් සිදුවේ.
එයට අනුව ගම්පහ නිට්ටඹුව , කන්දහේන, මාපගොල්ල , කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත , කෝලවත්ත , ගොරකාදෙනිය, රණ්පොකුණගම, රණ්පොකුණගම නිවාස යෝජනාා ක්‍රමය , බටලීය, අත්තනගල්ල , පස්යාල,ඌරාපොල, දික්කන්ද, මිට්ටිගම්මන, මාඉඹුල, මාකලාන , හග්ගල්ල , ඇලවල, ඇල්ලමුල්ල යන ප්‍රදේශ වලට ජලය අත්හිටුවීමට නියමිතය.
ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසන ආකාරයට පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා මෙම ජල අත්හිටුවීම සිදුවන බවයි.