ගම්මංපිලට වැඩ පත්තු වෙයි..ගම්මම්පිලට විරුද්ධව ඔස්ට්‍රේලියාවේ ඉදන් දුරස්ථ ක්‍රමයට සාක්ෂි දීමට සූදානමක් ...

Uthaya Gammanpila Sri Lanka Sri Lanka Magistrate Court
By Piyumika Jan 25, 2025 09:20 AM GMT
Piyumika

Piyumika

Report

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති රුපියල් මිලියන 20ක සමාගම් කොටස් ව්‍යාජ ලෙස විකිණීමේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක වන ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාව වාර්තාගත ක්‍රමවේදයක් ඔස්සේ සාක්ෂි ලබා දීමට එකඟතාව පළ කර ඇති බව ඊයේ (ජනවාරි 24) කොළඹ මහාධිකරණයේදී වාර්තා විය.

බේරේ වැවේ සතුන් මිය යාම පිටුපස භයානක තත්වයක්ද...

බේරේ වැවේ සතුන් මිය යාම පිටුපස භයානක තත්වයක්ද...

නඩුවේ තෙවන සාක්ෂිකාරිය ලෙස හඳුනාගෙන ඇති ජෙනට් සැඩික් නම් ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාව දැනට පිළිකා රෝගයෙන් පෙළෙන බැවින් ශ්‍රී ලංකාවට පැමිණ සාක්ෂි දීමට නොහැකි තත්ත්වයක පසුවන බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමීර ඒකනායක මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

මෙම නඩුව විභාග වන්නේ ඔස්ට්‍රේලියානු සමාගමක අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා සකස් කළ බවට චෝදනා ලැබූ ඇටෝර්නි බලපත්‍රයක් භාවිත කර රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ඉදිරියේ පැවති නඩු විභාගයේදී සාක්ෂිකාරිය වන ජෙනට් සැඩික් මහත්මිය වාර්තාගත ක්‍රමවේදය ඔස්සේ සාක්ෂි ලබා දීමට සූදානම් බව දන්වා ඇති අතර, ඒ සඳහා සුදුසු දිනයක් ලබන පෙබරවාරි 21 වන දිනට පෙර අධිකරණයට දැනුම් දෙන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.

නඩු කටයුතු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතා පෙනී සිටි අතර, චෝදනා ලැබූ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ටෙරි ප්‍රනාන්දු මහතාගේ නීති උපදෙස් මත නීතිඥ සමීර ඒකනායක මහතා පෙනී සිටියේය.

කතාබහට ලක්වූ ආන්දෝලාත්මක ඝාතන තුනක් ගැන ලේඛන ප්‍රසිද්ධ කරන ලෙස නියෝග..

කතාබහට ලක්වූ ආන්දෝලාත්මක ඝාතන තුනක් ගැන ලේඛන ප්‍රසිද්ධ කරන ලෙස නියෝග..

මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි විභාග කටයුතු ලබන පෙබරවාරි මස 21 වන දින දක්වා කල් තබා ඇති අතර, එදිනට සාක්ෂිකාරිය සාක්ෂි ලබා දිය හැකි දිනය තීරණය කර අධිකරණයට දැනුම් දීමට නියමිතය.

මෙම නඩුව සුවිශේෂී වන්නේ විදේශගත සාක්ෂිකරුවන් වාර්තාගත ක්‍රමවේදය ඔස්සේ සාක්ෂි ලබා දීමේ නූතන තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීමට අධිකරණය අවසර ලබා දීම නිසාය.

මෙවැනි ක්‍රමවේද භාවිතය මගින් විදේශගත සාක්ෂිකරුවන්ට ශ්‍රී ලංකාවට පැමිණීමකින් තොරව සාක්ෂි ලබා දීමේ හැකියාව ලැබී ඇති අතර, එය නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීමට ද රුකුලක් වනු ඇත.

නීති ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ අදහස් අනුව, මෙවැනි නූතන තාක්ෂණික ක්‍රමවේද භාවිතය අධිකරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමට හා විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යාමට මහඟු පිටුවහලක් වනු ඇත.

You may like this video

ReeCha