පිල්ලෙයාන් සමග කළ සාකච්ඡාව ගැන ගම්මන්පිළ විසින් අද විශේෂ මාධ්‍ය හමුවක්
හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් සමඟ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදය ගම්මන්පිළ මහතා සාකච්ඡා කර ඇත.
පෙරේදා (13) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් දසත ප්‍රවෘත්ති විසින් ගම්මන්පිළ මහතාගෙන් කළ විමසීමකදී, ඔහු පැවසුවේ මෙම සාකච්ඡාව පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් අද (16) පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
පසුගියදා පිල්ලෙයාන් මඩකලපුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එය පෙර රජයන් යටතේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අතුරුදන් කිරීම ඇතුළු පුද්ගලයින් පැහැර ගැනීමේ චෝදනා සම්බන්ධ විමර්ශනවලට අදාළවය.
කෙසේ වුවද, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිල්ලෙයාන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමට උත්සාහ කළ ද, එය සාර්ථක වූයේ නැත.