ගෝල්ෆේස්හි තිබූ තාවකාලික කූඩාරම්වලට අද සිදුවුණ දේ..

Report

අද (12) දහවල් පොලිසිය, විශේෂ කාර්‍ය බලකාය සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් එක්ව ගාලු මුවදොර ඉතිරිව තිබූ තාවකාලි කූඩාරම් සහ එහි සිටි පිරිස් ඉවත් කර තිබේ.

පසුගිය දිනෙක අරගලකරුවන් නිවේදනය කළේ, තමන් සම්පූර්ණයෙන්ම ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත්ව යාමට කටයුතු කරන බවයි.

කෙසේවෙතත් තම අරමුණු ඉටුවෙන තෙක් අරගලය නොනවත්වන බවත් ගෝල්ෆේස්  භූමියෙන් ඉවත් වුව ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉවත්ව යන තෙක් අරගලය ක්‍රියාත්මක කරන බවත් අරගලකරුවන් ප්‍රකාශ කළා.