ගාල්ල වෙඩි තැබීමක්....නිලධාරියෙකු මරුට (VIDEO BREAKING NEWS)

Report

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මිට සුළු වෙලාවකට පෙර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු බන්ධනාගාර නිලධාරියෙකු ඉලක්ක කරමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්.

සචින් එක පැත්තක... අධ්‍යක්ෂවරයා තව පැත්තක...මායාවී දුෂේනිට මොකද වුනේ ? මෙන්න සම්පුර්ණ විස්තරේ ...

සචින් එක පැත්තක... අධ්‍යක්ෂවරයා තව පැත්තක...මායාවී දුෂේනිට මොකද වුනේ ? මෙන්න සම්පුර්ණ විස්තරේ ...

අද පස්වරුවේ මෙම වෙඩි තැබීම අක්මීමන, තලගහ ප්‍රදේශයේදී සිදුවූ බව පොලිසිය පවසනවා.

වෙඩි තැබීමකින් බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ අධිකාරීවරයෙකු ලෙස සේවය කර තිබූ සිරිදත් ධම්මික නම් නිලධාරියෙකු බව පොලීසිය කියා සිටියා.

දිනකට 5දෙනෙකුට මරු කැඳවන වකුගඩු රෝග

දිනකට 5දෙනෙකුට මරු කැඳවන වකුගඩු රෝග

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 61 හැවිරිදි බූස්ස බන්ධනාගාරයේ, බන්ධනාගාර අධිකාරිවරයෙකු ලෙස සේවය කළ අයෙකු බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පසුගිය වසරේ මාර්තු මාසයේ දී මෙම බන්ධනාගාර අධිකාරිවරයා විශ්‍රාම ලබා ඇති බව ද සඳහන්.

කවුරුන් විසින් කුමන හේතුවක් පදනම් කරගෙන මෙම ඝාතනය සිදුකළේ ද පිළිබඳව මෙතෙක් කිසිඳු තොරතුරක් වාර්තා වන්නේ නැහැ 

නාඳුනන තුවක්කුකරුවකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසූ අතර සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා, 

ගාල්ල වෙඩි තැබීමක්....නිලධාරියෙකු මරුට (VIDEO BREAKING NEWS) | Galle Gun Shoot Hakmimana Sri Lanka