‘දේශපාලනයට ගාලුමුවදොර පාවිච්චි කරන්නේ නෑ, මාලිමාව ගෝල්‌ෆේස් එකඟතාව කඩලා’

Ranil Wickremesinghe May Day National People's Power - NPP Sinhala news
By Shehan Apr 30, 2025 03:15 AM GMT
Shehan

Shehan

Report

සියලු දේශපාලන පක්ෂ ගාලුමුවදොර පිටිය දේශපාලන වැඩසටහන්වලට භාවිත නොකිරීමට එකඟ වී තිබියදී, ජාතික ජන බලවේගය එම පිටියේ මැයි රැලිය පැවැත්වීමෙන් එකඟතාව කඩ කළ බව එක්සත් ජාතික පක්ෂයේ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එජාපය මෙවර මැයි රැලියක් නොපවත්වා, කොට්ඨාස මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මාස 4ට පාතාල වෙඩි තැබීම් 38කින් 27ක් මරුට

මාස 4ට පාතාල වෙඩි තැබීම් 38කින් 27ක් මරුට

ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වන එජාප අපේක්ෂකයන් දැනුවත් කිරීමේ රැස්වීමකදී ඔහු මේ බව පැවසීය.

ගාල්ල, උළුවිටිකේ එජාප දිස්ත්‍රික් කාර්යාලයේ පැවති ජනහමුවේදී රනිල් වික්‍රමසිංහ මෙසේ පැවසීය;

රජයේ රෝහල්වල අමාරුම රෝගීන්ට දෙන ඉන්සියුලින් නෑ

රජයේ රෝහල්වල අමාරුම රෝගීන්ට දෙන ඉන්සියුලින් නෑ

“ආණ්ඩුව මැයි සැමරුම ගාලුමුවදොර පිටියේදී පවත්වනවා. දේශපාලන කටයුතුවලට එම පිටිය යොදා නොගන්නා බවට සියලු පක්ෂ එකඟ වුණා. දැන් ඒ එකඟතාව කඩ කරනවා. මේ ප්‍රතිපත්තිය කුමක්ද? විශාල රැස්වීමකින් අපට ප්‍රයෝජනයක් නැහැ. ඡන්දයට පෙර අවසන් නිවාඩු දිනය මැයි පළමුවන දා. එදා ගම් හිස් කරලා සියලු පාක්ෂිකයන් එතැනට ගෙනියනවාද, නැත්නම් ගමේ ඉන්නවාද? අපි ගමේ ඉන්න තීරණය කළා.” 

මාලිමාවට රැවටුනාට ඡන්ද නොදී ඉන්න එපා වෙන පක්ෂෙකට දෙන්න - රනිල් කියයි

මාලිමාවට රැවටුනාට ඡන්ද නොදී ඉන්න එපා වෙන පක්ෂෙකට දෙන්න - රනිල් කියයි

ReeCha