ඩෙංගු පැතිරීම තීව්‍ර වෙයි. - ගෑස් මිල ගැන සාකච්ඡාවක්...Gagana Morning News (VIDEO)

World Environment Day Sri Lanka Dengue Prevalence in Sri Lanka Laugfs Gas Price Weather
By Wayomi Jun 05, 2023 04:41 AM GMT
Wayomi

Wayomi

Report

සිරස්තල

- ලෝක පරිසර දිනය අදයි.

- සියදිවි නසාගත් සෙබළා

- ඩෙංගු පැතිරීම තීව්‍ර වෙයි

- ගෑස් මිල ගැන සාකච්ඡාවක්

- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි


පුවත් කෙටියෙන්

? ජගත් පරිසර දිනය අදට යෙදී තිබෙනවා"ප්ලාස්ටික් දුෂණය පිටුදකිමු" යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර තිබෙනවා.

? බම්බලපිටිය ප්‍රදේශයේ ගුවන් හමුදා සෙබලෙකු සිය රාජකාරි අවියෙන් වෙඩි තබා සියදිවි හානිකරගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලයේ පදිංචි 38 හැවිරිදි ගුවන් හමුදා සැරයන්වරයෙකි .සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

? මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමග ඩෙංගු වසංගත තත්වය තවදුරටත් තීව්‍ර වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා සංගමය පවසා තිබෙනවා.එසේම එහි සභාපති නජිත් සුමනසේන ප්‍රකාශ කලේ බ්‍රිටෝ දර්ශකයට අනුව මදුරු ඝනත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවල සියයට 25ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

? ලිට්රෝ ගෑස් මිල අඩුකිරීමත් සමග ලාෆ් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවේද යන්න සම්බන්ධයෙන් එහි විධායක මණ්ඩලය අද පස්වරුවේ සාකච්ඡා කරන බව එම සමාගම ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ගෑස් මිල අඩුකලද බේකරි නිෂ්පාදන මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදු නොවන බවද ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබුණා.

? බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.