රේස් ගිහින් මිය ගිය තරුණයාගේ අවමගුල් පෙරහැරේත් තනි රෝදෙන් බයික් සංදර්ශණයක් දාලා

Report

මාරක යතුරුපැදි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ 17 හැවිරිදි සිසුවෙකුගේ අවමංගල්‍ය උත්සවය අතරතුර, මහජන පීඩාවක් ඇති කරමින් යතුරුපැදි ප්‍රදර්ශනයකට සම්බන්ධ වූ තරුණයන් දෙදෙනෙකු, ලබන පෙබරවාරි 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

මෙම තරුණයන් හොරණ, බැල්ලපිටිය ප්‍රදේශවල පදිංචි අතර, ඔවුන් හොරණ පොලිසියේ රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණයට ඉදිරිපත් කළ විස්තර අනුව, අවමංගල්‍ය පෙරහැරේදී එක් රෝදයකින් යතුරුපැදි ධාවනය කරමින් ඔවුන් අන්තරායකර ලෙස හැසිරී තිබෙන බවට වාර්තා වේ.

ශ්‍රී දළදා මාළිගාව සම්බන්ධයෙන් හද කම්පාකරවන කතාවක් එළියට

ශ්‍රී දළදා මාළිගාව සම්බන්ධයෙන් හද කම්පාකරවන කතාවක් එළියට

එදිනම අවමංගල්‍ය පෙරහැරේදී ඔවුන්ගෙ මෙම හැසිරීම් දැක තවත් යතුරුපැදි 12 ක හිමිකරුවන්ද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගය නිකුත් කර ඇත.

නීති විරෝධී යතුරුපැදි තරගය සංවිධානය කළ පුද්ගලයන්, එම දර්ශන ඡායාරූපගත කළ සහ වීඩියෝ ගත කළ පිරිස් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අධිකරණයෙන් දැනුම් දී තිබේ.

අදාළ අවමංගල්‍යය සිදුවූයේ යතුරුපැදි තරගයකදී මෝටර් රථයක ගැටීමක් නිසාය. මෙම අනතුරෙන් එක් සිසුවකු මියගොස් ඇති අතර, තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

දෙයියනේ යාචක කාන්තාව මරා 30 හැවිරිදි තරුණයා පොලිසියට භාර වේ

දෙයියනේ යාචක කාන්තාව මරා 30 හැවිරිදි තරුණයා පොලිසියට භාර වේ