GSP ප්ලස් ගැන ලංකාවට නිවේදනයක්

Report

යුරෝපා සංගමයෙන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකට අනුව, ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු නව රෙගුලාසි පිළිබඳව පසුගියදා පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා බලධාරීන් දැනුවත් කර තිබේ.

එම අවස්ථාවේදී ජී.එස්.පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කළ මෙරට බලධාරීන්, වර්තමාන සහන කාලය අවසන් වීමෙන් අනතුරුව නැවතත් එම සහනය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන බවද දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමේදී ඉටු කිරීමට පොරොන්දු වූ කැපවීම් කාලානුරූපව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද එහිදී අවධාරණය කර ඇති බව සඳහන් වේ.

අවුරුදු 14 ට පස්සේ විශේෂ රැස්වීමක් - සියලුම නීතීඥවරු අද කරන්න යන දේ

අවුරුදු 14 ට පස්සේ විශේෂ රැස්වීමක් - සියලුම නීතීඥවරු අද කරන්න යන දේ

එම කැපවීම් අතර ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල ත්‍රස්ත විරෝධී නීතියක් සම්පාදනය කිරීමද අන්තර්ගත බව යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබේ. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසද ශ්‍රී ලංකා බලධාරීන් දිරිමත් කර ඇත.

තවද, ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමේදී ක්‍රියාත්මක කිරීමට එකඟ වූ ජාත්‍යන්තර සම්මුති 27 ක් ක්‍රියාත්මක කිරීමේ කැපවීම ශ්‍රී ලංකාව නැවතත් තහවුරු කළ බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඒ සමඟ, අදාළ ප්‍රගතිය පිළිබඳ නිරන්තර යාවත්කාලීන කිරීම් ලබාදීමටද ශ්‍රී ලංකා බලධාරීන් දිරිමත් කර ඇති බව යුරෝපා සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.  

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට 26 දක්වා - හෙට එන්න ඕන විදිහ දැනුම් දෙයි

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට 26 දක්වා - හෙට එන්න ඕන විදිහ දැනුම් දෙයි