ඉන්ධන සඳහා නිකුත් කර ඇති QR කේත ක්‍රමය වැඩිදියුණු කරන්න යයි - විශේෂ සාකච්ඡාවක්
ඉන්ධන සඳහා නිකුත් කර ඇති QR කේත ක්‍රමය වැඩිදියුණු කරමින් ඵලදායිතාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
ඒ අනුව බලශක්ති අමාත්‍යංශයේදී ඊයේ (27) දින පැවැති අඳාළ සාකච්ඡාවේදී QR කේත ක්‍රමය සම්බන්ධයෙන් මේ වන විට මතු වී ඇති ගැටලුකාරී තත්ත්වයන් සමථයකට පත්කිරීම සම්බන්ධයෙන් මෙන්ම එහි තාක්ෂණික ශක්‍යතා වඩාත් ඵලදායී ආකාරයෙන් භාවිතා කිරීම පිළිබඳවත් අවධානය යොමු කර තිබුණු බව සඳහන්.
එමෙන්ම එහිදී විශේෂයෙන් සාකච්ඡා වී ඇත්තේ කර්මාන්ත ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි ඉන්ධන අවශ්‍යතාවය පරිපූර්ණ වශයෙන් සඵල කිරීමට ගත යුතු ඉදිරි පියවර පිළිබඳවයි.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා, බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා ඇතුළු එම අමාත්‍යංශ නිලධාරීන් , ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, එම අමාත්‍යංශයේ උපදේශකවරුන් වන සුමුදු රත්නායක මහතා සහ උපුල් අබේසිරිවර්ධන මහතා ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරීන් සම්බන්ධ වී ඇති බව සඳහන්.