මේ අයට වෙනම විදිහේ QR කේතයක් - ඉන්ධන ගැටලුව සදුදා විසදනවා
ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පැවසුවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට ගොවීන්ට වෙනම QR කේතයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බවයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ වාහන නොවන කාණ්ඩයට අවශ්‍ය ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉදිරි සතියේදී පියවර ගන්නා බවයි.
එමෙන්ම ජෙනරේටර්, ධීවර බෝට්ටු ආදිය සම්බන්ධයෙන් මෙහිදී සලකා බැලෙන බවත් ඔවුනට අදාළ QR කේතය හරහා ඉන්ධන ලබා ගැනීමට පහසුකම සලසන බවත් ඔහු සඳහන් කළේය. ඔවුනට ඉන්ධන ලබාදීමේ නිශ්චිත ක්‍රමවේදය ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බවද රත්නායක මහතා කීය.