පළමු වරට ජනපති අනුර දැනෙන ගානකින් ඉන්ධන මිල පහල දමයි. - රටම බලන් හිටපු නව ඉන්ධන මිල ගණන් මෙන්න.
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයක් රු. 22 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රු.311 ක් ලෙසයි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි..
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් වනු ඇත.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 319කි.
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 183කි.
