IOC සහ සිනොපෙක් සමාගම්ද ඉන්ධන මිළ සංශෝධනය කෙරේ

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කිරීමත් සමග ලංකා ඉන්දියන් ඔයිල් සමාගම හා සිනොපෙක් සමාගම්ද ඉන්ධන මිල යාවත්කාලීන කර තිබේ.

මෙම සංශෝධනය අනුව:

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ ගොස් රුපියල් 281කට පැමිණ තිබේ.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් වැඩි වී රුපියල් 329කට ළඟා වී ඇත.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 1කින් ඉහළ ගොස් රුපියල් 293කට පත්ව තිබේ.

මෙම මිල ගණන් සංශෝධනය මාර්තු 01, 2026 සිට ක්‍රියාත්මක වන බව තහවුරු වේ. ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ යාම හා රුපියලේ අවප්‍රමාණය ආදී සාධක මෙම සංශෝධනයට හේතු වී ඇති බවට විශ්වාස කෙරේ.

පාරිභෝගිකයන්ට මෙම මිල වැඩිවීම සමග ගමන් බිමන් හා භාණ්ඩ ප්‍රවාහනයේදී අමතර වියදම් එකතු වීමේ අවදානමක් පවතී.

ලංකාවේ පෙට්‍රල් හා ඩීසල් තියෙන්නේ මාසෙකට - ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්

ලංකාවේ පෙට්‍රල් හා ඩීසල් තියෙන්නේ මාසෙකට - ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්

ඉරානය පාලනයට තාවකාලික රාජ්‍යය මණ්ඩලයක් පත්වෙයි

ඉරානය පාලනයට තාවකාලික රාජ්‍යය මණ්ඩලයක් පත්වෙයි