හදිසියේ ඉන්ධන කප්පාදුවක්..ලබාදෙන ඉන්ධන ප්‍රමාණය අඩකින් පමණ සීමා කරයි..

Report

කොළඹ පිටත වටරවුම් මාර්ගය හා පෑලියගොඩ සිට අතුරුගිරිය දක්වා අධිවේගී කොටස බාරව සිටින මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියකුගේ නියෝගයකින් පොලිසියට ඉන්ධන ලබාදීම සීමා කිරීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ පොලිස් ආරක්ෂක මෙහෙයුම් මුළුමනින්ම අඩාල වී ඇතැයි අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසය සඳහන් කර සිටිනවා.

මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ සොරකම් පාලනය කර ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

අද අනිවාර්යෙන් කනබොන කෑමෙන් ප්‍රවේශම් වන්න..ලග්න කිහිපයකට රතු එළියක්..

අද අනිවාර්යෙන් කනබොන කෑමෙන් ප්‍රවේශම් වන්න..ලග්න කිහිපයකට රතු එළියක්..


මාර්ග සංවර්ධන අධිකාරියේ සීදුවේ පිහිටි කාර්යාලයේ සිටින මෙම නිලධාරියා අධිවේගී මාර්ගයේ ආරක්ෂාව බාරව කටයුතු කරන අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය අඩකින් පමණ සීමා කර ඇතැයි වාර්තාවේ.

පසුගියදා මෙම නිලධාරියා අධිවේගී සංචාරක ආරක්ෂක කොට්ඨාසයට ලිඛිත නියෝගයක් කරමින් දැනුම් දී ඇත්තේ එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකුට ඇතුළුව ඒකකයේ පරිහරණයට දී ඇති වෑන් රථ සඳහා ඉන්ධන ලීටර් 250 දක්වා සීමා කර ඇති බවය.

උසස් පොලිස් නිලධාරයෙක් සඳහන් කළේ, මේ හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් හා කුඩුකාරයන් විසින් අධිවේගී මාර්ගයේ රැහැන් කැපීම් වැඩි වී තිබෙන බවයි.

පසුගියදා සිදුවූ එවැනි සොරකමක් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් විසින් පැමිණිලි කර ඇතත් වීඩියෝ සාක්ෂි මගින් අනාවරණය වී ඇත්තේ ඔවුන් විසින්ම කර ඇති බව හෙළිවූ බවයි, එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

එසේම එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය කාලයේදී පොලිසියට ඉන්ධන හා යටිතල පහසුකම් සලසා නොදීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය ද අධිවේගී මාර්ගයේ ආරක්ෂක කටයුතු වලින් ඉවත් වූ බවද මේ වනවිට පොලිස් නිලධාරින්ට ආහාර පිළියෙල කරගැනීමට ලබාදුන් ගෑස් සිලින්ඩර් පවා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යළි අත්පත් කරගෙන සිටින බවයි.

උසස් පාසලක බිහිසුණු වෙඩි ප්‍රහාරයක්..සිසුන් 02ක් සහ ගුරුවරු 02ක් මියයයි.(PHOTOS)

උසස් පාසලක බිහිසුණු වෙඩි ප්‍රහාරයක්..සිසුන් 02ක් සහ ගුරුවරු 02ක් මියයයි.(PHOTOS)


මෙම නියෝගය සිදුකර ඇති නිලධාරියා යටතේ පෑලියගොඩ අධිවේගී පිවිසුමේ සිට කෙරවළපිටිය, කඩවත සහ අතුරුගිරිය දක්වා කොටස පාලනය වන බවත්, වැඩි වශයෙන්ම විදුලි රැහැන් භූගත කර ඇති ස්ථානවල සොරකම් සිදුව ඇත්තේද

එම මාර්ගය ආශ්‍රිත ප්‍රදේශවල බවත් හෙතෙම කියා සිටියේ ය. අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සඳහා අධිවේගී මාර්ග සංචාරක ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් හයසියයක් අනුපාලක මධ්‍යස්ථාන 34කට අනියුක්තව සේවය කරන අතර, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරිහු හාරදහසක් ද මෙම මාර්ගයේ රාජකාරි කරමින් සිටියි.