හෙට සිට නිවසටම උදෑසන හා හවස එළකිරි - අලුත්ම වැඩපිළිවෙළ මෙන්න..
By Sewvandhi
උදෑසන හා හවස් කාලය තුළ කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල නිවසටම නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
හෙට (11) සිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ, මෙම වැඩපිළිවෙළ සමාරම්භක අවස්ථාව හෙට දින නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවය.