වතුකරයේ ජනතාවට සින්නක්කර ඔප්පු...

Report

වසර 200ක පමණ ඉතිහාසයක් ඇති වතුකරයේ ජනතාව අයිතිය නොමැති ඉඩම් හේතුවෙන් වඩාත් පීඩාවට පත්ව ඇති බැවින් ඔවුන් සියලු දෙනාටම සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු සඳහන් කර සිටියේ ඔවුන් පදිංචි ස්ථානයේ අයිතිය තවදුරටත් දීමනා පත්‍රයකට සීමා නොවිය යුතු බවත් මේ සම්බන්ධයෙන් වන ජනපති වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාවට නැංවෙන බවත් ය.

මෙවර මාතර පොහොට්ටුවත් රනිල් වික්‍රමසිංහට...

මෙවර මාතර පොහොට්ටුවත් රනිල් වික්‍රමසිංහට...


වතුකරයේ ජනතාව සඳහා නව ගම්මාන ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ද කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් එතුමා පැවසී ය.

ඒ සඳහා වැවිලි සමාගම් මගින් ඉඩම් වෙන් කරන අතර රාජ්‍ය මැදිහත් වීම යටතේ නිවාස ඉදිකිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටි අතර, එම ගම්මාන සියලු පහසුකම්වලින් සමන්විතව ඉදි කෙරෙන අතර වතු ජනතාව සෑබෑ ලෙස සමාජගත කරවීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ බව ද එතුමා ප්‍රකාශ කර සිටියේ ය.