ශ්‍රී ලංකාවත් මැලේසියාවත් අතර නිදහස් වෙළඳ ගිවිසුමක්...

Sri Lanka Politician Sri Lanka Malaysia Economy of Sri Lanka Dollars
By Parami Dissanayake Jun 12, 2024 04:46 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

යෝජිත ශ්‍රී ලංකා මැලේසියා නිදහස් වෙළඳ ගිවිසුම සඳහා ඉදිරි සාකච්ඡා ඇරඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව අදහස් දක්වන රජය පවසා සිටින්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය නැවත ලබා ගැනීම සඳහා අපනයනය ඉලක්ක කරගත් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අපනයන විවිධාංගිකරණය කිරීමේ සහ භාණ්ඩ හා සේවා සඳහා වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ වැදගත්කම හඳුනාගෙන ලැබ ඇති බවයි.

මලාවි උප ජනාධිපතිට ගෞරව දැක්වීමට සති 03ක ශෝක කාලයක්...

මලාවි උප ජනාධිපතිට ගෞරව දැක්වීමට සති 03ක ශෝක කාලයක්...

එමෙන් ම, මේ සඳහා ශ්‍රී ලංකාව විසින් ශක්තිමත් හා උපාය මාර්ගික ආර්ථිකයන්ගෙන් හෙබි රටවල් සමග ආර්ථික ඒකාබද්ධතාවය වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බවද රජය වැඩි දුරටත් කියා සිටි.

ආසියාන් සංවිධානයේ හා කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වයෙහි ප්‍රධාන සාමාජිකයකු වන මැලේසියාව ශ්‍රී ලංකාවේ 34 වන අපනයන ගමනාන්තය වන අතර 2013 වර්ෂයේදී එරට සිදු කරනු ලැබ ඇති සමස්ත අපනයනයන්හි වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 58.3කි.

එමීර් රාජ්‍යයේ සිටින අපරාධකරුවන් සම්බන්ධව තානාපතිගෙන් ලැබුණු සහතිකය...

එමීර් රාජ්‍යයේ සිටින අපරාධකරුවන් සම්බන්ධව තානාපතිගෙන් ලැබුණු සහතිකය...

ඒ අනුව ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ඒ සඳහා වන සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.