බන්ධනාගාරේ ගොඩක් රැඳවියන් මැරුණේ කුඩා කවුළුවකින් ඇතුළට තැබූ වෙඩි ප්‍රහාරවලින් - සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි - ෆ්‍රී ලෝයර්ස්

Report

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ වෙඩි තැබීම් සහ රැඳවියන් මියයාමේ සිදුවීම අශිෂ්ඨ, මිලේච්ඡ සහ නින්දිත ක්‍රියාවක් වශයෙන් ෆ්‍රී ලෝයර්ස් (Free Lawyers) සංවිධානය මඟින් එය දැඩි ලෙස හෙළා දකින බව සඳහන්.

ඒ අනුව කොළඹ මල් පාරේ අද (07) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මේ බව පවසා ඇත.

ඔහු පවසා ඇත්තේ ලෝකයේ කිසිදු ශිෂ්ට රටක රාජ්‍ය භාරයේ සිටින සිරකරුවන්ට මෙසේ 'ඕපන් ෆයර්' නොකරන බවත්, බහුතරයක් රැඳවියන් මියගොස් ඇත්තේ පොලිස් නිලධාරියෙකු කුඩා කවුළුවකින් ඇතුළට තැබූ වෙඩි ප්‍රහාරවලින් බවත් ය.

රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට

රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට

එසේම ලෝකයම විඩියෝ මඟින් මේ මිලේච්ඡත්වය දුටු බවත්, නින්දිත වෙඩි තැබීම් දුටු බවත් ඔහු ප්‍රකාශ කරයි. තවද ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේ මෙම සිද්ධිය අශිෂ්ඨයි, මිලේච්ඡයි සහ නින්දිත බවත්, ෆ්‍රී ලෝයස් සංවිධානය මේ සිද්ධිය දැඩිව හෙළා දකින බවත් ය.

ඊට අමතරව බන්ධනාගාරවල ධාරිතාව 215% කින් ඉක්මවා ගොස් මෙරට බන්ධනාගාර පද්ධතිය මුහුණ දී ඇති දැඩි තදබදය පිළිබඳව දත්ත ඉදිරිපත් කරමින්, 2026 ජූලි 3 වැනි දින වන විට මෙරට බන්ධනාගාරවල රැඳවියන් 41,250ක් සිටි බව ඔහු පෙන්වා දෙයි.

එසේම බන්ධනාගාරවල උපරිම ධාරිතාව 13,241ක් වුව ද, දැනට 215% ක අධික පිරිසක් එහි රඳවා තබා ඇති බවත් සඳහන්. එමෙන්ම ඔහු පවසන්නේ මේ වන විට සිටින රැඳවියන්ගෙන් 73.8%ක්ම රිමාන්ඩ් සිරකරුවන් වන අතර, ඉන් පැහැදිලි වන්නේ ඇප දිය හැකි වැරදිවලටත් මිනිස්සුන්ව බන්ධනාගාරගත කර තිබෙන බවයි.

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

තවද අධිකරණ ඇමතිවරයා මරණ ගණන සොයාගන්නේ සමාජ මාධ්‍ය මඟින් බවත්, ඔහුගේ සිහින ව්‍යාපෘතිය විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කර, අගවිනිසුරු වැඩිම කාලයක් තනතුරේ තබා ගැනීම බවත්, ඔහු පවසයි.

ඒ අනුව ඔහු කියා ඇත්තේ සිදු වූ විපතේ වගකීම භාරගන්නා බව පවසන ඇමතිවරයාට වගවීමක් ඇත්නම් ඔහු වහාම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

එසේම ප්‍රධාන විධායක නිලධාරීවරයා අනාවරණය කර ඇත්තේ තත්ත්වය පාලනය කළ හිර ගෙදරයක් ඊයේ උදෑසන පැවති බවත්, බන්ධනාගාර බුද්ධි අංශයට අයත් යැයි කියන 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිවිල් ඇඳුමෙන් එහි ඇතුළු වී කලබලකාරී තත්ත්වයක් නිර්මාණය කළ බවත් ය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන් පිරිසක් ඝාතනයට ලක්වූ බවත්, එම පිරිසෙන් 22 දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඔහු වැඩිදුරටත් පැවසූ බව සඳහන්.

ලේ විලක් වුණු මීගමුව බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න - රැදවියන් තවමත් අඛණ්ඩ විරෝධතාවයක තත්ත්වය පාලනයට ත්‍රිවිධ හමුදාවම එයි

ලේ විලක් වුණු මීගමුව බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න - රැදවියන් තවමත් අඛණ්ඩ විරෝධතාවයක තත්ත්වය පාලනයට ත්‍රිවිධ හමුදාවම එයි