සංගීත ලොවක් හඬවමින් ප්රවීණ සංගීත අධ්යක්ෂ දේවා අභාවප්රාප්ත වෙයි
By Malith Madushan
දකුණු ඉන්දීය සිනමාවේ ජනප්රිය ගීත රැසකට සංගීතය නිර්මාණය කළ ප්රවීණ සංගීත අධ්යක්ෂ දේවා වයස අවුරුදු 75දී අභාවප්රාප්ත වී තිබේ.
චෙන්නායිහි කෝඩම්බාක්කම් ප්රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකදී හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
දේවා දෙමළ, තෙළිඟු, මලයාලම් සහ කන්නඩ ඇතුළු භාෂාවලින් නිෂ්පාදනය වූ චිත්රපට සඳහා ගීත සහ පසුබිම් සංගීතය නිර්මාණය කර තිබේ. ඔහු සිය සංගීත දිවිය තුළ චිත්රපට 400කට අධික සංඛ්යාවකට සංගීත අධ්යක්ෂණයෙන් දායක වී ඇත.
එමෙන්ම, රජිනිකාන්ත්, කමල් හසන්, විජේ සහ අජිත් වැනි දකුණු ඉන්දීය සිනමාවේ ප්රමුඛ පෙළේ නළුවන්ගේ චිත්රපට සඳහා දේවා නිර්මාණය කළ ගීත රැසක් ජනප්රියත්වයට පත්ව තිබේ. ඔහුගේ අභාවය පිළිබඳ පුවත සැලවීමත් සමඟ ඉන්දීය සිනමා ක්ෂේත්රයේ පිරිස් සහ රසිකයෝ කම්පාවට පත්ව සිටිති.
''ක්රිකට් සහ සංගීත ලෝකය යා කරන පෙමක්?'' - කාව්යා මාරන් සහ අනිරුද් රවිචන්දර්ගේ මංගල උත්සවය ගැන කතාබහක්