රියදුරු පාලනයෙන් මිදුණු මෝටර් රථය කාන්තාවන් හතරකුත් යට කරන් නවති..

Report

ගාල්ල නගරය ආසන්නයේදී මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැළක් අසළ සිටි කාන්තාවන් හතරදෙනෙකුගේ ඇඟේ ගැටී සිදුවූ අනතුරක් පිළිබඳ වාර්තා වී තිබේ .

ඉන් බරපතල තුවාල ලැබූ කාන්තාවන් හතරදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් එක් අයෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන ලද්දේ.

හතලිස් දෙනෙකුට දිවි අහිමිකල බිහිසුණු ගින්න..

හතලිස් දෙනෙකුට දිවි අහිමිකල බිහිසුණු ගින්න..

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 53 ක් වයසැති මතුගම - පොල්ගම්පල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ගාල්ල - කොටුව දෙස සිට ගාල්ල නගරය දක්වා මෙම මෝටර් රථය ගමන් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ .