මුලතිව් රෝහලට සිව් මහල් වාට්ටු සංකීර්ණයක්
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට යෑමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල, එම දිස්ත්‍රික්කයේ සහ අවට ප්‍රදේශවල ජනතාවට ප්‍රධාන සෞඛ්‍ය සේවා සැපයෙන ආයතනයක් ලෙස කටයුතු කරයි.
එය නේවාසික ප්‍රතිකාර සදහා විශේෂඥ ඒකක 8කින් සමන්විත වන අතර, මුළු ඇඳන් ධාරිතාව 195කි. අඩු රෝගී පිරිවැය සහ ඉහළ ගුණාත්මකතාව ඇති අඛණ්ඩ සත්කාර සේවාවක් සැපයීම සඳහා, තෘතියික සත්කාර ආයතන ලෙස ක්‍රියාත්මක වන ප්‍රධාන රෝහල් වැඩි දියුණු කිරීමේ වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජය රුපියල් මිලියන 600ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට එකඟ වූ අතර, එම මුදල් යොදාගනිමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට යෑම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.