රාජකාරි සඳහා මහනුවරට පැමිණි සිව් දෙනෙකු මියයයි

Kandy Kataragama Temple Sri Lanka Kandy Perahera Temple of tooth
By Akash Apr 24, 2025 01:21 PM GMT
Akash

Akash

Report

සිරි දළදා වන්දනාව හා රාජකාරි සඳහා මහනුවරට පැමිණි සිව් දෙනෙකු මේ වනවිට මරණයට පත්ව තිබෙන බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සදහන් කළාය.

සර්වජන බලයේ අපේක්ෂිකාවක් ළඟ ඡන්ද කාඩ් 85ක්

සර්වජන බලයේ අපේක්ෂිකාවක් ළඟ ඡන්ද කාඩ් 85ක්

මියගොස් ඇත්තේ අවුරුදු 69,70,74 හා 80 වයස්වල පසුවන සිව් දෙනෙකි. මියගිය සියලු දෙනා අවුරුදු 65 ඉක්මවූ අය බවත් එක් අයෙකු ගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙන බවත් ඇය කීවාය.

අනෙක් තිදෙනා ගේ මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණ වෛද්ය නිලධාරිවරයා පියවර ගෙන තිබේ.

දලදා පෝලිමේ අයෙක් මිය යයි… පෝලිම්වල ගැටුම්... යුද හමුදාව කැදවයි… (Video)

දලදා පෝලිමේ අයෙක් මිය යයි… පෝලිම්වල ගැටුම්... යුද හමුදාව කැදවයි… (Video)

විවිධ රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ගත වූ දින හතක කාලය තුළ පුද්ගලයින් 300ක පමණ පිරිසක් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන් බොහෝ දෙනෙක් විජලනය හේතුවෙන් ක්ලාන්ත තත්ත්වයට පත්ව රෝහල ගතකර තිබෙන බව ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. ශ්රී දළදා මාලිගාව ආශ්‍රිතව සෞඛ්‍ය මධ්‍යස්ථාන 09ක් ක්‍රියාත්මක අතර එවායින් පසුගිය දින කිහිපයේ දී 3000 කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබාගෙන තිබේ.

දළදා වන්දනාවට පැමිණ සිටිය දී රෝගි වන පුද්ගලයින් රෝහල් ගත කිිරීම සඳහා රැගෙන යාමට සුවසැරිය ගිලන් රථ 07 ක් යොදවා තිබෙන බව මහනුවර දිස්ත්රික් ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ සේනක තලගල මහතා කීය.

ReeCha