දලදා පෝලිමේ අයෙක් මිය යයි… පෝලිම්වල ගැටුම්... යුද හමුදාව කැදවයි… (Video)

Kandy Latest Headlines Kandy Perahera Sinhala news Temple of tooth
By Akash Apr 24, 2025 09:36 AM GMT
Akash

Akash

Report

සිරි දළදා වන්දනාව සඳහා පැමිණ සිටි පුද්ගලයකු දින ගණනාවක් පෝලිමේ සිටින අතරතුර හදිසි හෘදයාභාදයක් හැදී මිය ගොස් ඇති බව මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා සඳහන් කරයි. පැමිණ සිටින ජනතාව අධික වීම මත ඇතිවන තෙරපීම් ඇතුළු තදබදයන් හේතුවෙන් විවිධ ගැටලුවලට මේ වන විට මුහුණ දෙමින් සිටින බවද ඔහු පැවසුවේය.

"අලුත් අවුරුදු SMS එකට මිලියන 98ක්?- කොට්ටහච්චිගේ චෝදනාව රනිල් ප්‍රතික්ෂේප කරයි

"අලුත් අවුරුදු SMS එකට මිලියන 98ක්?- කොට්ටහච්චිගේ චෝදනාව රනිල් ප්‍රතික්ෂේප කරයි

දළදා වන්දනාවට පැමිණ සිටින පිරිස් පාලනය සඳහා පොලිසිය බලය යෙදීමට බලාපොරොත්තුවක් නැති බවත් ඒ නිසා හෙට සහ අනිද්දා දෙදින තුළ දළදා වන්දනාවට නොපැමිණෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

මෙවන විටත් දින දෙකකට තුනකට පමණ ප්‍රමාණවත් පිරිසක් පෝලිම්වල රැඳී සිටින බවද පැවසූ ඔහු ඇතැම් අවස්ථාවල පෝලිම් වල ඇතිවන නොසන්සුන්තා ගැටුම්කාරී තත්ත්වයන් දක්වා වර්ධනය වීම මත ඒවා පාලනය කිරීමට යුද හමුදාව කැදවීමට සිදුව ඇති බවත් කියා සිටියේය.

සිරි දළදා වන්දනාව සම්බන්ධව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා සහ මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ජාවේදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී. ‘ඊයේ රාත්‍රියේ එකට පමණ වන විට කටුගස්තොට ප්‍රදේශයේ හිටි ජනතාව විශාල වශයෙන් කුරුණෑගල මාතලේ සහ අම්පිටිය මාර්ගයෙන් පැමිණි ජනතාව දෙපර්ශයම ඒ ඉඩ නැති නිසා කටුගස්තොට විශාල සෙනඟක් ඇවිත් තිබුණා.

කටුගස්තොට මඩවල මාර්ගය පැත්තෙනුත් ඇවිල්ලා තිබුනා. ඇත්තටම අම්පිටිය ඉඩ නැති වුනාම ඒ පැත්තට ඇවිල්ලා විශාල විශාල ජනතාවක්. ඒ ප්‍රදේශයේ තිබුණු ඉවත් කරන්න තියෙන අත්හැර දැමූ කටුගස්තොට පැරණි යකඩ පාලමට ගොඩවෙලා හිටිය දෙදහක පමණ පිරිසක්. බොහොම අමාරුවෙන් තේරුම් කරලා තමයි යකඩ පාලම ඉවත් කර ගත්තේ.

ONLINE ටිකට් වංචාව ගැන අධිකරණයට දැනුම්දෙයි

ONLINE ටිකට් වංචාව ගැන අධිකරණයට දැනුම්දෙයි

ඒකයි ඇත්තටම ඊයේ ඒ රාත්‍රී කාලය තුළ ඉවත් කරගන්න බැරිවුනානම් විශාල ජීවිත හානි ප‍්‍රමාණයක් වෙන්න තිබ්බ. මොකද ආර.ඩී.ඒ. එකෙන් කිව්වා පුලුවන් ඉක්මනින් ඉවත් කරගන්න කියල. නමුත් මහජනතාව ඒකට කැමති වුණේ නැහැ. පස්සේ ශ්‍රී ලංකා යුද හමුදාවේ අතිරේක බට පිරිස අපිට කැඳවන්න වුණා. එහෙම කැඳවලා තමයි අපි ඇත්තටම ඔවුන් ඉවත් කර ගත්තේ.

ඉවත් කරගත්ත අය මුල් අවස්ථාවේ යම් සන්සුන් ආකාරයකින් ඒ මාර්ගය දිගට රැඳිලා හිටියත් කටුගස්තොට නගරයෙන් ඔබ්බට රැුදී සිටිය. පසු ඔවුන් රාත්‍රිය පහන් වන විට ඔවුන්ගේ වැසිකිලි කැසිකිළ පහසුකම් සදහා ඉදිරියට ආවා. ඒ ඉදිරියට එනකොට නැවතත් ඔවුන් අතර නොසන්සුන්තාවයන් ඇති වුණා. මේ වන විටත් ඒ ප්‍රදේශයේ යම්කිසි ආකාරයේ ගැටුම්කාරී තත්ත්වයක් පාලනය කරන්න ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේම විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව ඉතා දැඩි පරිශ්‍රමයක් යොදනවා’

ReeCha