ඊයේ වත්තල දෙදරූ වෙඩිල්ලට සිව්දෙනෙකු අත්අඩංගුවට - සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායම් 05ක්

Report

වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු වුට්ලර් මහතා සඳහන් කළේ එම සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගැනීමට ද කටයුතු කරන බවයි.

උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - අගෝස්තු 03 මධ්‍යම රාත්‍රී 12.00ට අවසන්

උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - අගෝස්තු 03 මධ්‍යම රාත්‍රී 12.00ට අවසන්

එසේම මෙම වෙඩි තැබීමේ සිද්ධිය විමර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම් 05ක් යොදවා ඇති බව ද වාර්තා වේ. ඊයේ(23) රාත්‍රී වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පැවති සාදයකට කඩා වැදුණු තුවක්කුකරුවකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 39 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.

ඒ අනුව පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මටටක්කුලියේ කුඩු රොශාන් නැමැත්තා ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණ ද ඉලක්කය වැරදීමෙන් ඔහු අසල සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.  

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්