රන් ආබරණ විකුණා මහමගදී කොල්ලකාපු වෙළඳ සැල් හිමි කරු සමග හතරක් මාට්ටු..

Report

මහ මඟ ගමන් ගන්නා කාන්තාවන් ඇතුළු ජනතාවගේ බෙල්ලට කඩුවක් තබා මරණ බිය ඇති කර රන් ආබරණ කොල්ලකෑ කල්ලියකට සම්බන්ධ බව කියන රන් ආබරණ වෙළඳසල් හිමියකු, කාන්තාවක ඇතුළු සිව් දෙනකු කොල්ලකෑ රන් ආභරණ කිහිපයක්, කඩුදෙකක් හා අත්බෝම්බයක් ද සමග දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නෙළුම් පොකුණ රඟහලේදී "යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව" ජනපති අතට..(VIDEO)

නෙළුම් පොකුණ රඟහලේදී "යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව" ජනපති අතට..(VIDEO)

කලක් තිස්සේ මරදගහමුල දූනගහ අවට ගම්මානවල අතුරු මාර්ගවල පවා ගමන් ගත් කාන්තාවන්ගේ රන් ආභරණ සොරා ගැනීමේ සිද්ධීන් පිළිබඳ වාර්තා වීමත් නිසා දිවුලපිටිය පොලිසිය දැඩි විමසිල්ලෙන් සිටිය දී පල්ලියපිටිය ප්‍රදේශයේදී රන් දම්වැල් දෙකක් කඩාගෙන පලා යමින් සිටි යතුරුපැදියක් ලුහුබැඳ ගොස් තිබේ.

චීන ජාතිකයින් 30ක් අත්අඩංගුවට..ඔබත් මොවුන්ට අසුවූ අයෙක්ද?..

චීන ජාතිකයින් 30ක් අත්අඩංගුවට..ඔබත් මොවුන්ට අසුවූ අයෙක්ද?..

පොලිස් කණ්ඩායම යතුරුපැදිය හඹා යද්දී බඩල්ගම පොලිස් වසමේ හොරකඳවිල ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය ලොරියක ගැටී පෙරලුණු අවස්ථාවේ ප්‍රදේශවාසී ජනතාවගේ ද සහයෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

යතුරු පැදියටද බරපතල හානි සිදුවී ඇත. සැකකරුවන් ගමන් ගත් යතුරු පැදියද පොලිස් භාරයට ගෙන තිබේ .

තවත් රෝගියෙකු රැගෙන යාමට මග දුරක් ගිය ගිලන් රථය ආපසු කැදවයි..හදිසි ප්‍රතිකාර අවශ්‍යව රැගෙන යමින් සිටි රොගීයා රථය තුලම මියයයි..

තවත් රෝගියෙකු රැගෙන යාමට මග දුරක් ගිය ගිලන් රථය ආපසු කැදවයි..හදිසි ප්‍රතිකාර අවශ්‍යව රැගෙන යමින් සිටි රොගීයා රථය තුලම මියයයි..

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින මීරිගම හල්පෙ පදිංචිකරුවකු සහ ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.