පොලිසියට බලය පෙන්නන්න ආ හතරේ කල්ලිය..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Latest Headlines
By Piyumika Jul 02, 2024 06:06 AM GMT
Piyumika

Piyumika

Report

බීමත්ව කලහකාරී ලෙස හෝමාගම නගරයේ හැසිරුණු පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමෙන් පසු අදාළ සැකකරු පැහැරගෙන යාමට පැමිණි ව්‍යාපාරිකයෙකු ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පැවසීය .

අනියම් බිරිද මරා පලා ගිය සැකකරු අත්අඩංගුවට..

අනියම් බිරිද මරා පලා ගිය සැකකරු අත්අඩංගුවට..

එලෙස සැකකරු පැහැරගෙන යෑමට පැමිණි පිරිස විසින් පහරදීම නිසාවෙන් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයකු හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

එසේම එලෙස අත් අඩංගුවට ගත් සැකකාර තරුණයින් සිව් දෙනාගෙන් තිදෙනෙකුද පොලිසිය පහර දුන් බවට පවසමින් අසනීප තත්වයන් පෙන්නුම් කල බැවින් එම සැකකරුවන් ගේ ඉල්ලීම මත හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සදහන් කරයි.

ජනාධිපති අපේක්ෂකත්වය අත්හැරීමට පක්ෂය තුළින්ම බලපෑම්..

ජනාධිපති අපේක්ෂකත්වය අත්හැරීමට පක්ෂය තුළින්ම බලපෑම්..

තුවාල සිදුව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන උප පොලිස් පරීක්ෂකවරයා හෝමාගම නගරය හරහා පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී එක් අයෙකු බීමත්ව හෝමාගම නගරයෙහි කලහකාරී අන්දමින් හැසිරෙමින් සිටිනු දැක ඇති බවත් එම අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර බීමත් බව තහවුරු වීමෙන් පසු පොලිසිට රැගෙන විත් සිර මැදිරියෙහි රඳවා තිබියදී අනෙක් සැකකරුවන් පිරිස පැමිණ පොලිසිය තුළ කලාකාර ලෙස හැසිරෙමින් කෑ කෝ ගසමින් අත්අඩංගුවට ගෙන සිටි බීමත් සැකකරු බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ කර ඇත.

පෙම්වතිය රවටන්න ගිය පෙම්වතාට නොහිතපු දෙයක් සිදුවෙලා..

පෙම්වතිය රවටන්න ගිය පෙම්වතාට නොහිතපු දෙයක් සිදුවෙලා..

දැඩි පරිශ්‍රමයක් දරා එම තරුණයින් පිරිසද අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ද හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.


අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සිව් දෙනා රාජකාරියට බාධා කිරීම නිලධාරියෙකුට තුවාල සිදුකිරීම සැකකරුවකු පැහැරගෙන යාමට තැත් කිරීම සහ බලහත්කාරය පෑම යන චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.