අපි යුද්ධ කළේ රට ආරක්ෂා කරන්න. හිටපු ජනපති මහින්ද කියයි

Report

අද (20) උදෑසන රණවිරු සැමරුම් ස්මාරකය අසල දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රණවිරු සැමරුම පවත්වා තිබෙනවා. 

එම රණවිරු සැමරුම සඳහා හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා ද,   හිටපු ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

ජාතික සභාවක් කොමිෂන් සභාවක් බවට පත් කෙරේ

ජාතික සභාවක් කොමිෂන් සභාවක් බවට පත් කෙරේ

රණවිරු සැමරුම් උත්සවය අමතා මහින්ද රාපක්ෂ මහතා කියා සිටියේ තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බවයි . එසේම තමා මෙම සැමරුමට එක්වුයේ යුතුකමක් ඉටුකිරීමට පමණක් බවත් එතුමා සඳහන් කර සිටියා.   

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"යුතුකමක් ඉටුකරන්න අද අපි ආවේ. ඔව් ඉතින් යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමා. කාවවත් අල්ලගන්න නෙමෙයි.

අපි යුද්ධ කළේ රට ආරක්ෂා කරන්න. ඉදිරියට මේවා කරයි ද ? නැද්ද කියන්න බෑ..

ඒක එන ආණ්ඩු එක්ක තමා තීරණය වෙන්නේ.

යුද්ධය කියන්නේ ඛේදවාචකයක්. නමුත් අපේ හමුදා ජයග්‍රහණය කරා.

යුද්ධයේ දී එක පැත්තක් ජයග්‍රහණය කරන්න එපැයි. ජාතික ආරක්ෂාව ඉතින් ප්‍රශ්නයක් නෑනේ. රට ආරක්ෂා කරන්න ඕනේ..." 

දරුවන් ආරක්ෂා කර ගන්නා ලෙස නිවේදනයක් (VOICE)

දරුවන් ආරක්ෂා කර ගන්නා ලෙස නිවේදනයක් (VOICE)