අත්අඩංගුවට ගත් වැලිගම ප්‍රා.සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්
රජයේ සේවකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී තමන්ට වාසි සලසා, රජයට රුපියල් ලක්ෂ 396 කට අධික පාඩුවක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා එළඹෙන 19 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුසවිතාන මහතා අද (08)දින නියෝග කර ඇත.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත ඇත්තේ වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා ප්‍රසිද්ධ දේශපාලන ක්‍රියාකාරිකයකු වූ තුඩැල්ල පාර කඹුරුගමුවේ පදිංචි දයා පුෂ්ප කුමාර බැට්ටගේ යන අයෙක් බව සඳහන්.
උදේට අත්ඩංගුවට ගන්න ඉන්න ඇති රෑ මෙහෙම දෙයක් වෙයි කියලා පොලීසිය හිතන්නේ නැහැ - ආනන්ද පොලිස්පතිගෙන් විමසන්න කියයි
අල්ලස් කොමිසම මඟින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ දූෂණ චෝදනා හතරක් යටතේ විමර්ශන සිදූ කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද එහිදී ඉල්ලා තිබෙනවා.