ආබාධිත දරුවන්ගේ ආධාර වලට වංචා කළ සැකකරු අත්අඩංගුවට
කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු සමාජ සේවා නිලධාරියෙකු ඊයේ ( 24) පස්වරු 12.45ට පමණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහා ලේකම් කාර්යාලය මගින් එක් දරුවෙකු සඳහා එක් වතාවක් පමණක් ලබාදෙන රුපියල් 10,000ක අධ්‍යාපන ආධාර මුදල දරුවන් දෙදෙනෙකුගේ නමින් ලබාගෙන, එම මුදල් අදාළ දරුවන්ට ලබා නොදී පුද්ගලික පරිහරණයට යොදාගත් බවට එල්ල වූ බරපතල දූෂණ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම සිදුවීම මගින් ආබාධිත දරුවන් හා ඔවුන්ගේ පවුල්වලට ලබාදෙන රජයේ සහනාධාර වලංගු ලෙස ලබාගැනීමේ ක්‍රියාවලියේ සාධාරණත්වය හා විනිවිදභාවය පිළිබඳ නැවතත් සාකච්ඡාවක් ඇති වී තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේවිසින් මෙම වර්ගයේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන තීව්ර කර ඇති බවත් දැනගන්නට ඇත.