අකිල විරාජ් අල්ලස් කොමිසම හමුවට
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (22) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී ඇත.
මෙය, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අලුත්වැඩියාවක් සඳහා ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් යොදාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.