හිටපු ජනාධිපතිට පිළිකාවක්

Report

ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙලෙන බවට වාර්තා වනවා.

මේ වන විට 82 හැවිරිදි වියේ පසු වන ඔහුගේ පිළිකා තත්ත්වය අස්ථි දක්වා පැතිරී ඇති බවත් වෛද්‍යවරුන් පවසා ඇති බවයි ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.

අවුරුදු 18 ට අඩු දරුවන් සහ තරුණයන් ගැන බය හිතෙන කතාවක්

අවුරුදු 18 ට අඩු දරුවන් සහ තරුණයන් ගැන බය හිතෙන කතාවක්

ඔහුගේ රෝගය ඉහල ශ්‍රේණියේ ලෙස වර්ගීකරණය කර ඇති අතර පිළිකා සෛල ඉක්මනින් පැතිර යා හැකි බව එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනය පවසනවා.

බයිඩන් සහ පවුලේ අය ප්‍රතිකාර විකල්ප සමාලෝචනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

පසුගිය සිකුරාදා ඔහු පිළිකා රෝගියෙකු බවට අනාවරණය වී තිබුණා. 

දේශබන්දු අද විමර්ශන කමිටුවට

දේශබන්දු අද විමර්ශන කමිටුවට