දේශබන්දු අද විමර්ශන කමිටුවට

Report

අද සිට දේශබන්දු තෙන්නකෝන් මහතා සිදු කර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කල පරීක්ෂණ කමිටුව පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතයි.

පසුගිය සති කිහිපය තුලදී අදාළ කමිටුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මුලික විමර්ශන සිදු කර තිබුණා.

එම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දේශබන්දු තෙන්නකෝන් හට නොතිසි මඟින් දැනුම් දී තිබෙනවා.

ගුවන්තොටින් ඇල්ලු 'කුෂ්' තොගය.. වටිනාකම කෝටි ගානක්

ගුවන්තොටින් ඇල්ලු 'කුෂ්' තොගය.. වටිනාකම කෝටි ගානක්

ඒ අනුවයි අද ඔහු එම කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත වන්නේ.

මෙම කමිටුව පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වී පරීක්ෂණ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

මෙම කමිටුව දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරනු ලැබීය.

 

අද විශේෂ රථ වාහන සැලැස්මක්

අද විශේෂ රථ වාහන සැලැස්මක්