හිටපු අමාත්‍යවරයෙක් යළි රිමාන්ඩ්

By Dilasha Apr 01, 2025 06:00 AM GMT
Report

අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.

ඔහු ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝගය කළාය.

මෙම නඩුව අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් දැනුම් දීමෙන් අනතුරුව මෙම නියෝගය කර තිබේ.  


අධිවේගයේ බිහිසුණු අනතුරක්!

අධිවේගයේ බිහිසුණු අනතුරක්!

ඔන්න තවත් වැඩිවීමක් ගැන ඉඟියක්...

ඔන්න තවත් වැඩිවීමක් ගැන ඉඟියක්...