අලුත් ඇමති එන්න කලින් - හිටපු ඇමති ප‍්‍රසන්නගේ මාධ්‍ය ඒකකයට සීල් තබා කරපු දේ.
By Wayomi
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයට මුද්‍රා තැබීමට එහි අතිරේක ලේකම්වරයෙකු විසින් කටයුතු කර තිබෙනවා.
නව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය විජිත හේරත් එහි වැඩ භාරගැනීමට පෙර අදාළ සීල් තැබීම සිදුව ඇති බව සඳහන්.
එම ඒකකයේ සේවයේ සිටි සියලු දෙනා ඉන් ඉවත් කර කිසිවකුට ඇතුළුවීමට නොහැකි වන පරිදි ම ඒකකයට මුද්‍රා තබා ඇති අතර එහි සේවය කළ ස්ථිර සේවකයන් සියලු දෙනාම කලින් සේවය කරන ලද අංශවලට නැවත යොමුකර කිරීමෙන් අනතුරුව මෙම කටයුත්ත සිදු කර ඇත.
එමෙන්ම මුද්‍රා තැබීමට පෙරාතුව එහි තිබූ සියලු භාණ්ඩ විගණනයකට ලක් කිරීමටද කටයුතු කර ඇති අතර පසුගිය ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද්දේ ප්‍රසන්න රණතුංගයි.
