අත්අඩංගුවට ගත් හිටපු ඇමති දේවානන්දා අද අධිකරණයට

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

පොලිසිය පවසන පරිදි, යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවිය 2019 වර්ෂයේදී වැලිවේරියේ බෝක්කුවක් අසල කැලෑබද ස්ථානයක සඟවා තිබිය දී සොයා ගැනීම සම්බන්ධ විමර්ශනයකට අදාළව ඊයේ ඔහු අත්අඩංගුවට ගත් බවයි.

ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න

ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න

අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගෙන් ලැබුණු තොරතුරක් අනුව, අදාළ ගිනි අවිය සොයාගෙන ඇති අතර, විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එම අවිය නීත්‍යානුකූලව හිටපු අමාත්‍යවරයාට ලබාදී තිබූ එකක් බවයි.

තවද, මෙම තොරතුරු ලබාදුන් අපරාධ කල්ලි සාමාජිකයා මාකදුරේ මදූෂ්ගේ පාර්ශවයේ අයෙකු බවටද වාර්තා වේ.

වාහන පිළිබඳ අසුභ ආරංචියක් - පොඩි වාහනවල මිල අඩු වෙයිද?

වාහන පිළිබඳ අසුභ ආරංචියක් - පොඩි වාහනවල මිල අඩු වෙයිද?