මොළ 7ක් තියෙන බැසිල් යළි ලංකාවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) හිටපු ජාතික සංවිධායක සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, මාස කිහිපයක් එක්සත් ජනපදයේ ගත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට සැලසුම් කර ඇත.
ආරංචි මාර්ගවලට අනුව, ඔහු එළඹෙන බ්‍රහස්පතින්දා මෙරටට පැමිණෙනු ඇත.
පසුගිය 2024 ජනාධිපතිවරණයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේය.
ඔහු එක්සත් ජනපද පුරවැසියෙකු වන අතර, 2022 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවූ ජනතා විරෝධතා මධ්‍යයේදී ද එරටට ගොස් තිබුණි.
බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු දේශපාලන කටයුතු නැවත ආරම්භ කරනවාද නැද්ද යන්න තවමත් ප්‍රකාශ කර නැත.