හිටපු පොලිස්පති CDගේ මරණය ගැන තොරතුරු රැසක් එළියට - පුතා ලේලි නිසා ලොකු අවුලක ඉදලා

Report

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මාලබේ පිහිටි සිය නිවසේදී අද (17) උදෑසන සිය පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනිඅවියෙන් පපුවට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

මාලබේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අද පෙරවරු 6.15ට පමණ මෙම ඛේදජනක සිදුවීම වාර්තා වී ඇත. පොලිසිය පවසන්නේ පෞද්ගලික හේතුවක් මත ඇති වූ දැඩි සිත්තැවුලක් හේතුවෙන් ඔහු මෙලෙස දිවි නසාගෙන ඇති බවට සැකකරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බවයි.

අබිරහසක් ඉතිරි කරමින් මිය ගිය හිටපු පොලිස්පතිගේ මරණ පරීක්ෂණය ගැන විශේෂ තීරණයක්

අබිරහසක් ඉතිරි කරමින් මිය ගිය හිටපු පොලිස්පතිගේ මරණ පරීක්ෂණය ගැන විශේෂ තීරණයක්

අද උදෑසන ශරීර සුවතා ව්‍යායෑම් සඳහා යෑමට පෙර නිවසේ පිටතට පැමිණි වික්‍රමරත්න මහතා එහි වූ පුටුවක අසුන්ගෙන සිට ඇති අතර, එහිදී ඔහු තම පෞද්ගලික ආරක්ෂක නිලධාරියා කැඳවා ඔහුගේ පිස්තෝලය තමා වෙත ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.

එම අවස්ථාවේදී "වෙපන් එක ගේන්න, අලුත් එකක්ද පරණ එකක්ද කියලා බලන්න ඕනේ" යනුවෙන් ආරක්ෂක නිලධාරියාට පවසා ඇති හිටපු පොලිස්පතිවරයා, අනතුරුව තමාට බොන වතුර බෝතලයක් රැගෙන එන ලෙස පවසා ඔහුව නිවස තුළට යවා ඇත.

ආරක්ෂක නිලධාරියා නිවස තුළට ගිය සැනින් වික්‍රමරත්න මහතා එම ගිනිඅවියෙන් තම පපුවට වෙඩිතබාගෙන ඇති අතර, වෙඩි ශබ්දය ඇසී වහා ක්‍රියාත්මක වූ නිවැසියන් කඩිනමින් ඔහුව නැගෙනහිර කොළඹ රෝහලට රැගෙන ගිය ද රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර තිබේ.

මෙම අවාසනාවන්ත තීරණයට හේතුවී ඇති පසුබිම පිළිබඳව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, වික්‍රමරත්න මහතාගේ පුත්‍රයෙකුගේ බිරිඳ විසින් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පවරා තිබීම සහ තමා ගෘහස්ත හිංසනයට ලක් වූ බව පවසමින් ඇය ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර තිබීමයි.

වෙඩි වැදුණු හිටපු පොලිස්පතිගේ නිවසට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා සහ පොලිස්පති පැමිණෙයි

වෙඩි වැදුණු හිටපු පොලිස්පතිගේ නිවසට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා සහ පොලිස්පති පැමිණෙයි

තමා පොලිස්පති ධුරය දැරූ පොලිස් දෙපාර්තමේන්තුවේම ළමා හා කාන්තා කාර්යාංශය සිය පුත්‍රයාගේ සිදුවීමට අදාළ විමර්ශන සිදුකළ ආකාරය පිළිබඳව වික්‍රමරත්න මහතා දැඩි සිත්තැවුලෙන් හා කලකිරීමෙන් පසුවී ඇති අතර, මියයෑමට පෙර ඒ පිළිබඳව සිය සමීපතමයන් කිහිපදෙනෙකු සමඟ ද කතාබහ කර තිබේ.

සිද්ධිය සැලවීමෙන් පසු කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා සහ වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද අද දහවල් අදාළ නිවස වෙත පැමිණ අපරාධය සිදු වූ ස්ථානය නිරීක්ෂණය කරනු ලැබීය.