හිටපු නියෝජ්‍ය ඇමති සරණ අධිකරණයට
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දු අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ .
ඒ සඳහා ඔහු මේ වන විට කොළඹ මහාධිකරණයට පැමිණ ඇත.
ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියා පටිපාටියෙන් බැහැරව වාහන 11ක් කුලී පදනම මත ලබාගෙන රජයට රුපියල් ලක්ෂ 114කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව යටතේ මෙම නඩු ගොනුකර ඇත.
විත්තිකරු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින්, නිසි කාර්යපටිපාටියෙන් බැහැරව අත්පිට මුදලට වඩා වැඩි වටිනාකමකට කුලී පදනම මත එම ආයතනයට වාහන ලබා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කර මෙම නඩු ගොනුකර තිබේ .
මෙම නඩුවල තීන්දුව පසුගිය අප්‍රේල් මස 30දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, එදිනට අදාළ නඩු තීන්දු සූදානම්ව නොතිබීම හේතුවෙන් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් අද (26දා) තීන්දුව ප්‍රකාශයට පත් කරන බව දැනුම් දී ඇත