හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අද FCID කැඳවයි
මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා අද (10) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැඳවා තිබේ.
ඒ අනුව, අද පෙරවරු 9.30ට FCID හමුවේ පෙනී සිටින ලෙස හිටපු ගුවන් හමුදාපතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ. මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් පවතින විමර්ශනවලට අදාළ කරුණු පිළිබඳව මෙහිදී ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.