චිත්‍රයක් සොරකම් කළ විදෙස් කතක් අත්අඩංගුවට
උණවටුනේ සංචාරක වෙළෙඳසලකින් රුපියල් පහළොස්දහසක් පමණ වටිනා චිත්‍රයක් සොරකම් කළ ස්වීඩන් ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි කාන්තාවක් බව සඳහන් වේ.
වෙළෙඳසලේ සේවිකාවක් විසින් හබරාදූව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ හමුවට ඉදිරිපත් කිරීමන් පසුව රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත මුදාහැරීමටයි නියෝග කර තිබේ.