විදෙස් සංචිත ඉහළට

By Zara Mar 07, 2025 07:12 PM GMT
Report

2025 පෙබරවාරි මාසය අවසන් වන විට 9 ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 6,095 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා මගින් අනාවරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා ඒ බව අනාවරණය කරයි.

2025 ජනවාරි මාසය අවසන් වන විට මෙම අගය ඩොලර් මිලියන 6,065 ක් ලෙස වාර්තා වී තිබූ අතර, ඒ අනුව නිල සංචිත වත්කම් වල 0.5% ක සුළු වර්ධනයක් පෙබරවාරි මාසයේදී සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා වලින් පෙන්නුම් කෙරෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 5,986 සිට ඩොලර් මිලියන 6,031ක් දක්වා 0.7% කින් මේ වසරේ පෙබරවාරි මාසය තුළ දී ඉහළ ගොස් තිබෙන ආකාරය ද දත්ත වාර්තාවල දැක්වෙනවා.

කුළුබඩු මණ්ඩලය කොට උඩ

කුළුබඩු මණ්ඩලය කොට උඩ

මීගහකිවුලේ දෙපිරිසක් අතර ගැටුමකින් 4ක් රෝහලේ

මීගහකිවුලේ දෙපිරිසක් අතර ගැටුමකින් 4ක් රෝහලේ