දැක්ක මිනිස්සුත් හොල්මන් - සුදු කෙල්ලෝ දෙන්නා ස්ටේෂන් එක මැද්දේ කරපු දේ

Report

මෙම දින වල සමාජ මාධ්‍යයේ එක් වීඩියෝවක් අතිශය ජනප්‍රිය වී ඇත.

ඒ නානුඔය සිට ඇල්ල දක්වා ගමන් කිරිමට නානුඔය දුම්රිය ස්ථානයට පැමිණි විදේශීය දරුවන් දෙදෙනකු දුම්රිය ස්ථානයේදී ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කරන වීඩියෝවක්ය.

මේ පැති වලට පැය 30කට වතුර කපනවා

මේ පැති වලට පැය 30කට වතුර කපනවා

ඊයේ (19) දින දහවල් කාලයේදී නානුඔය සිට ඇල්ල දක්වා ගමන් ගත් ඕඩිසි දුම්රියේ ගමන් කිරිමට පැමිණි විදේශික යුවළක් සමග පැමිණි දරුවන් දෙදෙනකු නානුඔය දුම්රිය ස්ථානයේ දී ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කරන අයුරු එම විදේශිකයන් සමග පැමිණි මග පෙන්වන්නෙකු විසින් පටිගත කර සමාජ මාධ්‍යට එක් කර ඇත.

ඕඩිසි දුම්රිය පැමිණෙන තුරු විදේශික යුවළ දරුවන් දෙදෙනා සමග නානුඔය දුම්රිය ස්ථානයේ මද වේලාවක් රැදී සිටි බවත් එම අවස්ථාවේ එම දරුවන් දෙදෙනා අපුරුවට සිංහල වචන උච්චාරණය කරමින් ජාතික ගීය ගායනා කළ බවත් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේය.

එම වීඩියෝ පටය හා එම සිද්ධිය විශාල පිරිසකගේ අවධානයට මෙන්ම ආදරයට ලක්ව ඇත.

හිස ඔසවන මාරාන්තික ලෙඩක් - මරණ 22ක්

හිස ඔසවන මාරාන්තික ලෙඩක් - මරණ 22ක්

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය