පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අයකළ මුදල ඉහළට. - මිල ලැයිස්තුව මෙන්න.
පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර මිලදී ගැනීමේ දී මන්ත්‍රීවරුන්ගෙන් මෙතෙක් අය කල ගාස්තු රුපියල් 1,550කින් ඉහළ දැමීමට අද රැස්වූ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.
ලබන සතියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක බවයි, එම කාරක සභාවේ සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කළේ.
ඒ, අනුව මෙතෙක් උදෑසන ආහාරය සඳහා අයකළ රුපියල් 100 ක ගාස්තුව රුපියල් 600ය දක්වා ද රුපියල් 300ක් ව පැවති දිවා ආහාරය සඳහා ගාස්තුව රුපියල් 1,200 දක්වා ද ඉහළ දමා ඇති අතර තේ පැන් සඳහා රුපියල් 50ක් ව අය කළ ගාස්තුව ඉහළ දමා ඇත්තේ, රුපියල් 200 දක්වායි.
නමුත් පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය නොකළ බවයි නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක කියා සිටියේ.

පොල් සම්බෝල හා පොල් කිරි කෑමෙන් විශාල නාස්තියක්ලු. - ඒකට විසඳුමක් විදිහට මාලිමා ඇමති කරන්න යන දේ මෙන්න.
You may like this video