ගෑස් මිල සමගම ආහාර මිලත් ඉහළ යන ලකුණු

Report

ඉදිරි කාලයේ නියත වශයෙන්ම ආපනශාලා සහ අවන්හල්වල ආහාර මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සදහන් කර තිබේ.

  තවද එම සංගමය පෙන්වා දෙනු ලබන්නේ ඊයේ රාත්‍රියේ දී සිදු වූ ලාෆ් ගෑස් මිල සංශෝධනය නිසා ඉහළ ගිය ගෑස් මිල සහ සහල් ඇතුළු අනෙකුත් ආහාර නිෂ්පාදන ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් පැවතීම හේතුවෙන් මෙලෙස ආහාර මිල ඉහළ දැමීමට සිදුවන බවයි.

අද (07) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුකශාන් පවසා සිටියේ මෙම රජය බලයට පත්වීමට පෙර පැවසූ පරිදි, ගෑස් මිල නිසි පරිදි නියාමනය කිරීමට කටයුතු කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවයි.

ලංවිම විශ්‍රාම අර්බුදයක් - මහා නායක හිමිවරුන් වෙත ලිපියක්

ලංවිම විශ්‍රාම අර්බුදයක් - මහා නායක හිමිවරුන් වෙත ලිපියක්

තවදුරටත් සභාපතිවරයා සදහන් කළේ මෙවන් මෙවන් අදහසක්

'' ඊයේ මධ්‍යම රාත්‍රියේ කහපාට ගෑස් මිල වැඩි වුණා. ජනාධිපති තුමා විපක්ෂෙ ඉන්නැද්දි කිව්වා එකම ගෑස් එක පාට 2කින් ආවට මිලවල් 2ක් එන්නේ ඇයි කියලා . එතුමගෙන් අහන්න කැමතියි ඒ මතේ නෙමේ ද දැන් ඉන්නේ කියලා . මෙ වෙද්දී ගෑස් මිල වැඩි වෙලා ඒවගේම කීරි සම්බා පාලන මිලක් තිබ්බට මිල වැඩි , සහල් මුදලාලිලා ඒ ගොල්ලොන්ට ඕනෙ විදිහකට මිල වැඩි කරලා තියනවා .පොල්තෙල් මුදලාලිලා ඒ ගොල්ලොන්ට ඕනෙ විදිහට පාලනය කරනවා. ,මේ හින්දා ඉදිරියේදී ආහාර මිල නියත වශයෙන්ම වැඩි කරනවා . පොල්තෙල් , කුකුල් මස් , මාළු මිල වැඩියි, පාලන මිලවල් වලට හාල් නැහැ . ඒ වගේම ගෑස් මුදලාලිලා ආණ්ඩුවට ගෑස් පෙන්වනවා ''