ජාතික අපරාධයක් පිළිබඳ ජනපතිගේ අවධානය ..

Report

ආසියාවේ විශාලම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික අපරාධයක් බව පවසන ජනාධිපතිවරයා එය නිවැරදි කරමින් ඉන්දීය රජයේ සහාය ඇතිව කඩිනමින් සංවර්ධනය කර ජාතික ආර්ථිකයට එක් කිරීමට කටයුතු කරන බව පැවසීය .

ප්‍රබල අපරාධකරුවෙකුගේ ගෝලයකු කොටුවේ..

ප්‍රබල අපරාධකරුවෙකුගේ ගෝලයකු කොටුවේ..

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (31) ත්‍රිකුණාමලයේ උවරමලේ ක්‍රීඩාංගණයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය . මෙරටට පැමිණෙන සංචාරකයන් ලක්ෂ 50 දක්වා ඉහළ නංවාගත යුතු අතර ඒ වෙනුවෙන් අපි නිලාවේලි සිට ත්‍රිකුණාමලය දක්වාත් වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වාත් සංචාරක කලාප ඇති කර සංචාරකයන් විශාල පිරිසක් මේ ප්‍රදේශයට ගෙන්වා ‌ගැනීමේ වැඩපිළිවෙළ සකස් කරන බවද ඔහු සදහන් කලේය .

අවුරුදු පහකට පසු කුමාරීට පහර දුන් සැකකරුට දඩුවම්..

අවුරුදු පහකට පසු කුමාරීට පහර දුන් සැකකරුට දඩුවම්..

එහිදී වැඩිදුරටත් අදහස් පල කල ජනාධිපතිවරයා

“ආසියාවේ ලොකුම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික අපරාධය මේ වන විට සිදු වෙනවා. කිසිම ආණ්ඩුවක් මෙය දියුණු කිරීමට අවධානය යොමු කළේ නැහැ. ඒ නිසා අප ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය දියුණු කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රයක් ලෙස දියුණු කිරීම මගින් අපි එම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. සාම්පූර් සූර්යබලශක්ති ව්‍යාපෘතිය ද අප මේවන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම මේ පළාතේ අක්කර දහසකට වැඩි විශාල ආයෝජන කලාපයක් ඇති කර නව කර්මාන්ත ගෙන ඒමට ද අප කටයුතු කරන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම හිගුරක්ගොඩ ගුවන් ‌තොටුපළ ද දියුණු කිරීමට අප කටයුතු කරනවා"

යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.