ප්‍රබල අපරාධකරුවෙකුගේ ගෝලයකු කොටුවේ..
By Piyumika
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කරන්දෙනිය සුද්දාගේ ගෝලයෙකු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
ඔවුන් සතුව තිබී හෙරොයින් හා ගිනි අවියක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත.
විශේෂ කාර්ය බළකාය විසින් ඇල්පිටිය පොලිස් වසමේ වතුරවිල හන්දියේ දී ඊයේ සිදුකළ වැටලීමක් අතරතුරදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.
එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01, මිලි ග්‍රෑම් 200ක් සිය සන්තකයේ තබාගෙන සිටීම හා ගිනිඅවි ළඟ තබා ගැනීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම පුද්ගලයින් දෙදෙනා ව අත්අඩංගුවට ගෙන ඇත.