දරුණු ගින්නෙන් මරණ සංඛ්‍යාව 44 - 279ක් අතුරුදහන්

Report

හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 44ක් දක්වා ඉහළගොස් ඇත. එමෙන්ම පුද්ගලයින් 279 දෙනෙකු අතුරුදහන් වී ඇත.

මියගිය අය අතර ගිනිනිවන භටයෙකුද වන අතර එරට වේලාවෙන් ඊයේ (26) පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබුණි. පැය 18 කට වැඩි කාලයක් තිස්සේ ඇවිළෙන මෙම ගින්න නිවාදැමීම සඳහා මේ වන විට ගිනිනිවන භටයින් 800කට වැඩි පිරිසක් සේවයේ යොදවා ඇත.

බදුල්ල පැති 6කින් නාය යයි - 4ක් මරුට - 15ක් අතුරුදන්

බදුල්ල පැති 6කින් නාය යයි - 4ක් මරුට - 15ක් අතුරුදන්

නිවාස 2,000කට ආසන්න සංඛ්‍යාවක් ඇති මෙම මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් 4,600ක් පමණ වාසය කරන බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ඉදිකිරීම් සමාගම් විධායක නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලංකාවම අවදානමක - මෙන්න අද රටේ තත්ත්වේ

ලංකාවම අවදානමක - මෙන්න අද රටේ තත්ත්වේ